1.14.2021

නැවතත්

ජිවිතයේ විවිධ අවස්ථා නිසා මෙහෙම ලියන්න වෙලාවක් තිබුනේ නැ 😕😕 තිබුනේ නැත් නෙවෙයි වෙලාව මේ වෙනුවෙන් යෙදෙව්වේ නැ. දැන්නම් හිතෙනවා අපරාදේ කියලා, ඒ නිසාම ඔන්න අයිමත් මොනවා හරි හිතට එන දේවල් ලියන්න ඕන කියලා හුතුවා. 

රන්ජන් හිරේ ගිහින්, ගෝටාභය ජනාධිපති වෙලා කොරෝනාවෙන් මුළු ලෝකයම වසාගෙන තිබෙන මොහොතක තමා අපි සියලු දෙනා මේ විදිහට ජිවිත ඉදිරියට අරන් එන්නේ. එක දෙයක් කියන්න ඕන මං දැක්ක බුකියේ ඉන්න ලඳ බොළඳ අය රන්ජන්ගේ සිර ගත කිරීම වෙනුවෙන් හොටු පෙරාගෙන අඬනවා. කොහොම වුනත් රන්ජන් සිර බත් කන්නේ උගේ කටේ තියන ගොන් කමට. 

රන්ජන් හැබැයි එක දෙයක් කළා, ගොන් බඩු ගැන සහ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන වියාකුල තැන ගැන මහජනයාට මතක් කරලා දුන්නා.

ගෝඨාභය ජනාධිපතිතුමා හරින් වගේ ලාබාල මන්ත්‍රී වරයෙකුගේ ප්‍රකාශයකට අනවශ්‍ය උත්තරයක් දුන්න එකෙන් නම් පෙන්නේ ඔහුගේ සමාන්‍ය ස්වරූපයයි. ජනාධිපති තුමා තාමත් දේශපලක්ඤයෙක්නොවන බවයි. 

No comments:

Post a Comment