1.13.2014

Dubai ටෙස්ට් මැච්

තරගය මුල ඉදන්ම ලංකාව ඉදිරියෙන් හිටියනේ. හැබැයි පකිසොත් හොද ගේමක් දුන්නා අන්තිමේට.
හරි අපි දැන් බලමු මේ මැච්  එකෙන් ගන්න තියන්නේ මොනවද කියලා.

කෞෂාල් සිල්වා  95 , 58


දැන් ඉතින් මහේල, සංගා, රංගන ගැන කතා කරලා වැඩක් නැ නේ අපි අපේ ටීම් එකේ අනාගතය ගැන කතා කරමු.


කෞෂාල් ගැන කියනවා නම් නියම technic එකක් තියන batsmen කෙනෙක්. ඉදරියේදි තියන ටෙස් තරග වලදී තිරිමාන්නට, කිත්රුවන් විතානගේට ටීම් එකට එන්න හොද තරගයක් තියෙයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට නම් එක හොඳ දෙයක් වෙයි.


Dinesh  Chandimal

Dimuth  Karunaratne
Anjelo Mathews
NT Paranavitana
Kaushal Silva

Kithuruwan Vithanage

Lahiru Thirimanne

මේ ඉන්නේ අපේ ටෙස් වරම් හම්බ වුන players ලා විතරයි. මිට අමතරව ටෙස් වරම් හම්බනොවුන set එකකුත් ඉන්නවා කියන්න බැ ඉතින් මෙයාලගෙන් ගොඩක් අය ෂුවර් එකටම ටෙස් ගහයි ඊලග අවුරුදු වලදී. 

Ashan Priyanjan

Kusal Perera

Niroshan Dickwella

Pabasara Waduge

Angelo Perera

Dhananjaya de Silva

Chaturanga de Silva


මහේල ගහපු 100 ගැන නම් නොකියම බැ. එක නැත්තන් මැච් එක ලේසි වෙන්නෙත් නැ එත් ඉතින් අපි කතා කරන්න ඕනේ ලංකාවේ ඉදිරිය ගැන නේ. එකයි මම ඒ ගැන වැඩිය කියන්නේ නැත්තේ හරිය.

පලවෙනි මැච් එක ගැනත් කියන්නම ඕනේ අප්පා එක තමා නියම මැච් එක හෙනම ගේමක් නේ එකේ දුන්නේ අපේ කට්ටිය චන්දිගේ 89 මැතිව්ස්ගේ 90යි 157යි පට්ට. ආ එතකොට කෞෂාල්ගේ 80 

මේ කතා කලේ batsmen ලා ගැන විතරයි. එත් ඉතින් එකත් හරියට නෙමෙයි. හිමිට කතා කරන්න බැරියයි නේ. තව කල් තියන්නේ නේද? 

සුරංග ලක්මාල්  
Overs  49.3
Mdns 10
Runs 123  
Wkts 6
Econ  2.48
Ave  20.50      
SR 49.5  

එරංග    

Overs  50.0
Mdns 13
Runs 99
Wkts4
Econ1.98
Ave24.75
SR75.0  

මුන් දෙන්නගේ bowling නම් සුපිරියටම තිබ්බා මුළු මැච් එකේම. මොකද කියන්නේ මේ දෙන්නට england වල හරි Australia වල bowl කරන්න දුන්නනම්. මටනම් හිතෙන්නේ හොදට වැඩේ කරි මේ දෙන්න.


මේ දෙන්නම නියමෙට bowl කලා. කවුද වඩා හොඳ කියලා කියන්න අමාරුයි.


රංගන ඉතින් කොහොමත් හොඳයි නේ ඕක ආය කියන්න දෙයක්ද නේ. සචිත්‍ර ගැන නම් කියන්න ඕනේ. මොකද ඒ pitch එක පොඩ්ඩක්වත් දඟ කැවුණේ නැ. සචිත්‍ර කියන්නේ හොඳ bowler කෙනෙක් වගේම ලකුණු ටිකක් ගහ ගන්නත් පුළුවන් ක්‍රීඩකයෙක්. සචිත්රට තව අවස්ථාවක් දෙයි කියලා තමා මටනම් හිතෙන්නේ.

මේ උඩ තියන bowling figures බැලුවම මොකද හිතෙන්නේ? 

මේ දෙන්නම මුළු මැච් එකේම overs 100ක් යවල තියනවා. හරියටම මැච් එකෙන් බාගයක්. ඉස්සර නම් මුරලි නේ මැච් එකෙන් බාගයක් bowl කලේ ඔන්න දැන් වේග පන්දු යවන උනුත් වැඩේ පටන් අරන්. 

economy rate එක ගැන කියනවා නම් එරංගගේ තමා හොඳ ඇයි ඒ ?? 
එරංගගේ line & length සුරාට වඩා හොඳට තිබ්බා මම දැක්ක විදිහට නම් එත් සුරාට wicket වැඩි වුනේ 5 වෙනි දවසේ wicket තුනක් ගත්ත නිසා.