3.09.2013

ක්‍රිකට් ගිවිසුම

සති කිහිපයක් තිබ්බ හලාල් උණුසුම යන්තමට අඩුකරන්න ක්‍රිකට් කිඩාවට පුළුවන් වුනේ පහුගිය මාර්තු 3 වෙනිදා. හරියටම ලාහෝර් බෝම්බ ප්‍රහාරයෙන් අවුරුදු හතරක් පිරුණු එදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක තියන  එයාලගේ වාර්ෂික ගිවිසුමට අත්සන් කරන්න බැ කියලා වර්ජනය කරන්න ගත්තා. 
ඒ වර්ජනය කරලා තිබ්බේ කලින් තිබුන ගිවිසුමට වඩා වෙනස්කම් 3 ක් මුල් කරගෙන. 1.    IPL තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට එම කාලසීමාව ඇතුලත අදාළ වැටුප නොගෙවා සිටීම.2.  ICC තරගාවලි වලින් ක්‍රීඩකයන්ට ලැබුන 25% ක මුදල නොගෙවීම.මේවා තමා මේ ප්‍රශ්ණයට මුල් වුන හේතුව. මේ දෙකෙන් පලවෙනි  එක නම්  හොදයි. IPL තරගාවලිය ඉන්දියාවට වදගත් වුනාට අපේ රටෙන් එකට යන දහ දොළොස්  දෙනෙකුට එකෙන් සෙතක් වුනාට තව අපේ රටේ ජාතික කණ්ඩායමට එන්න බලන් ඉන්න දාහක් විතර දෙනාට වෙච්ච දෙයක් නැ නේ.

No comments:

Post a Comment