6.27.2012

විධායක ජනාධිපතිට කරන්න බැරි මිනිහෙක් ගැනියෙක් කරන්නයි ගැනියෙක් මිනිහෙක් කරන්නයි



අපේ රට පාලනය කරන්නේ දේශපාලඥයොනේ. රටේ ඉහලම තනතුර දරන්නේ ජනධිපතිතුමා ඔහු තමා රටෙ පලමු පුරවැසියා.අපි කවුරුත් දන්නවා ජනාධිපතිතුමාට තියන බලතල ගැන. අසිමිත බලයක් ඔහුට 1978 නොවැම්බර් 20 වෙනිදා ජේ. ආර්. ජයවර්ධන කියන විෂිශ්ඨ දේශපලඥයා හදුන්වා දුන්න ව්‍යවස්තාව තුලින් ලබා දෙනවා.

ඔහු කියනවා " විධායක ජනාධිපතිට කරන්න බැරි මිනිහෙක් ගැනියෙක් කරන්නයි  ගැනියෙක් මිනිහෙක් කරන්නයි" කියලා.

මේක හදපු පුද්ගලයාම මෙහෙම කියන කොට මගේ හිතට එන්නේ ඔය කියන විදිහට ජනාධිපතිතුමාට ඔනම බලු වැඩක් කර හැකි කියන එක නේද?

එහෙනම් අපිට මෙවන් අසිමිත බලතල තියන ජනාධිපතිවරයෙක්ට එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ට  අපේ රටේ අනාගතය භාර දිය යුතුද?

1978 ඉදන් දැන් වසර තිස්පහක් (35) විතර අපි  කලේ එකම වැරද්ද නේද? අපේ රටට වි ඇති විනාශය ඔබ මම සියලු දෙනා දන්නා දෙයක්.

එසෙනම් අපි කල යුත්තේ කුමක්ද? ජනාධිපතිවරනය වර්ජනය කරමුද?


No comments:

Post a Comment